විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිනිය වන ක්ෂණිකා හිරිඹුරේගම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකාවක ලෙස පත් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍යවරුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, ශිෂ්‍යයන්ගේ හා බහුජන සංවිධානවල විරෝධය මැද ආරම්භ වූ අතර එය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ද පිළිගන්නේ නැත. නමුත් එයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවේ පිළිගැනීම ලබාදීම සඳහා පසුගිය කාලයේ ගැසට් නිවේදන ඇතුළු විවිධ නීතිමය උත්සාහයන් දරන ලදී.
මෙතෙක් පැවැති ආචාරධාර්මික සම්ප‍්‍රදායන් කඩකරමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව වැනි උසස් අධ්‍යාපනයට අදාළ ඉහළම වගකීමක් දරන ආයතනයක සභාපතිනිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිපාලනයට සම්බන්ධ වීම බලවත් සමාජ විරෝධයකට හේතු වනු ඇත. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩු මහතාගෙන් අප මේ පිළිබඳව විමසූ අතර ඔහු ද මෙම පුවත තහවුරු කළේය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව විසින් පත් කරන ලද නියෝජිතයා ලෙස ඇය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකත්වය දරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.



0 comments:
Post a Comment